― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් තිදෙනෙක් අද දිවයිනට

අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් තිදෙනෙක් අද දිවයිනට

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය දෙදින සංචාරයක් සඳහා අද (22) දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම සංචාරයේදී උප ලේකම්වරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්, සහ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමුවීමට නියමිතව ඇත.

අමාත්‍ය ජී.එල්. පීරිස් සහ උප ලේකම් නුලන්ඩ් මහත්මිය හෙට විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරයේ සම සභාපතිත්වය දරනු ලබයි. විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නුලන්ඩ් මහත්මිය කොළඹ වරායේ සංචාරයක යෙදී ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය හමුවීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදය අවසන් වරට 2019 වසරේ වොෂින්ටන්හිදී පවත්වන ලදී. මෙම හවුල්කාරිත්ව සංවාදය ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන මාර්ග ගවේෂණය කිරීම සඳහා වැදගත් වේදිකාවක් වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ ඉන්දු – පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩෝරි මහත්මිය ද උප ලේකම් නුලන්ඩ් මහත්මිය සමග මෙම සංචාරයට එක්ව සිටිති.