31.1 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආයෝජන නංවන්න අයියා මලෝ තිදෙනා ප්‍රමුඛ කමිටුවක්

ආයෝජන නංවන්න අයියා මලෝ තිදෙනා ප්‍රමුඛ කමිටුවක්

ආයෝජන ප්‍රවර්ධන පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, එස්.බී. දිසානායක, පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ඩී.වී. චානක, නාලක ගොඩහේවා යන අය මෙම කමිටුවට පත්කර තිබේ.

බදු විනිමය, රාජ්‍ය ආරක්ෂාව කෙරෙහි ඇති විය හැකි බලපෑම, මහජන අරමුදල් යෙදවීම, නෛතික බැඳීම්, පරිසර ගැටලු, ඉඩම් භාවිතය හා අයිතිය, බැංකු හා මූල්‍ය කරුණු, ආයෝජකයකු විසින් ලංකාව තුළ සිදුකිරීමට යෝජිත ආයෝජන ඇතුළු කරුණු පිළිබඳව එහිදී තීරණ ගනු ලබයි.