25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉන්දියාව දුන් ණයවලින් 'පොහොට්ටු කඩ' දාලා

ඉන්දියාව දුන් ණයවලින් ‘පොහොට්ටු කඩ’ දාලා

ඉන්දියාවෙන් ණය අරන් ගම් දාහතරදාහක ‘පොහොට්ටු කඩ’ දාලා පොහොට්ටු සාමාජිකයන්ට කූපන් දීලා ආණ්ඩුව කරන්න යන වැඩේ මොකක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙළඳසැල් ආරම්භකොට පොහොට්ටු සාමාජිකයන්ට කූපන් ලබා දී ඒ වෙළඳසැල්වලින් භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මොහොතේ රටේ සියලුම දෙනා බරපතළ ව්‍යසනයකට මැදිව සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එවන් තත්ත්වයක් තුළ පෝලිම්වල දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි විමසා සිටින බවයි. ඒවාට විසඳුම් ලබා දෙනවා වෙනුවට පටු බල දේශපාලන උපාය මාර්ග වෙනුවෙන් ආණ්ඩුව රට බිල්ලට දෙමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.