― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන මිල අඩු වෙයිද?

ඉන්ධන මිල අඩු වෙයිද?

ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වුවහොත් ලංකාවේද ඉන්ධන මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් සිංහල අලුත් අවුරුද්දට තදබල තෙල් හිඟයක් ඇති නොවන බවත් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“තෙල් මිල අඩුවෙලා නෑ. තෙල් මිල වැඩි කිරීමේදී පෙබරවාරි මිල ගණන් තමයි අපි ගණනය කළේ. යුද්ධය නිසා මාර්තු මාසයේදී බැරල් එකක් ඩොලර් 130 දක්වා වැඩි වුණා. දැන් ඒක ඩොලර් 98ට බැහැලා තියෙනවා. නමුත් ඉදිරියේදී තෙල් මිල විශාල වශයෙන් අඩු වුණොත් අපි එය අඩු කරන්න ලෑස්තියි.

මේ මාසේ අවසන් වෙනකොට බොර තෙල් ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා කරගෙන යනවා. ටොන් 90,000ක නැවක් දෙකක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි. සිංහල අලුත් අවුරුද්දට තදබල තෙල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ.”