― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජල, විදුලි බිල සංශෝධනය ගැන කතා කළේ නැහැ

ජල, විදුලි බිල සංශෝධනය ගැන කතා කළේ නැහැ

විදුලි බිල හෝ ජල බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිදු නොවූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

ඉදිරි දිනවලදී මෙරට ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම විසඳේවි යැයි තමා බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙන ගෑස් නැව් දෙක නිදහස් කර ගැනීමට අදාළ ණයවර ලිපි මේ වන විට නිකුත් කර අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට සිදු විය හැකි බව පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ රජය විසින් පවත්වාගෙන යන දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා විදුලි බල මණ්ඩලය සියල්ලම ආයතන ලෙස බරපතල ලෙස පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බවයි.

මෙම ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉතාම හොඳ මූල්‍ය තත්ත්වයක් ළඟා කර දීම සම්බන්ධයෙන් සෑම පුද්ගලයෙකුම දූරදර්ශිව කටයුතු කළ යුතු බවත් මෙකී ආයතනවලින් සහන මිලට ජනතාවට සේවා ලබා දීමට කටයුතු කරනවා මෙන්ම ආයතනය ආරක්ෂා කර ගැනීම යන කරුණු දෙකම තුලනය වන ලෙස කටයුතු කිරීමද අවශ්‍ය බව හෙතෙම එහිදී අවධාරණය කළේය.