29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපරිසර වාර්තා නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීමට වහාම පියවර ගත යුතුයි

පරිසර වාර්තා නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීමට වහාම පියවර ගත යුතුයි

පරිසර වාර්තා නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවත් එවැනි අක්‍රමිකතා වැළැක්වීම සඳහා පරිසර පනත සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී පරිසර වාර්තා සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙරට බොහෝ නීති සකස් වී ඇත්තේ දේශීය කිරි නිෂ්පාදකයා නැංවීමට නොව කිරි පිටි නිෂ්පාදනය කරන නවසීලන්තය සතුටු කෙරෙන ආකාරයට බවයි.

පරිසර වාර්තා නිකුත් කිරීමේදී සාධාරණ මුදලක් අය කරන්නැයි තමා ඉල්ලීමක් කරන බවත් එලෙස මුදල් ඉල්ලු ආයතන ගැන පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒවා අසාදු ලේඛනයට ඇතුළත් කළ හැකි බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.