― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅසාද් සාලිගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අසාද් සාලිගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් අද (23) ප්‍රතික්ෂේප කළේය.

අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කොට තමන්ව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේබොඩ යන අයගෙන් වන්දි අයකරදෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු ඉල්ලීමක් කර තිබූ අතර ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා කරමින් අසාත් සාලි ට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අසමත් වී ඇති හෙයින් අසාද් සාලි නිදොස් කොට නිදහස් කිරීමට ද තීන්දු කළේය.

ඉන් අනතුරුව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කොට තමන්ව මාස 09 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කොට නඩු පැවරීම තූළින් තමන්ට සිදු වූ අපහසුතාවය වෙනුවෙන් අදාළ මන්ත්‍රීවරුන්ගෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය යටතේ අසාත් සාලි සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

එම ඉල්ලීම පිළිබඳ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහය 17 (2) වගන්තිය යටතේ කරනු ලැබූ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව නියෝග කළේය.