28.4 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේදී කඩාවැටුණු ගුවන්යානයේ සියලු දෙනා ජීවිතක්ෂයට

චීනයේදී කඩාවැටුණු ගුවන්යානයේ සියලු දෙනා ජීවිතක්ෂයට

චීනයේ ගුවන්ෂි කඳුවැටියට කඩා වැ‌ටුණු මගී ගුවන් යානයේ සියලු දෙනා මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යානය අනතුරට පත්වන විට එහි මගීන් 132 සිට ඇත.

ගුවන්යානයේ සුන්බුන්, පිළිස්සුණු මළ සිරුරු සහ මගීන්ගේ බඩුබාහිරාදිය සොයා අඛණ්ඩ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය. MU – 5735 දරණ මගී ගුවන් යානය චීනයේ, යුනාන් ප්‍රාන්තයේ සිට දකුණු දිග චීනයේ ගුවන්ෂු නගරයට පියාසර කරමින් තිබියදී මෙම අනතුරට ලක්විය.

යානය අනතුරට ලක්වන විට ඒය අඩි 30,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබුණු බව සදහන්වේ. හදුනාගැනීමට නොහැකි සිරුරු ඩීඒන්ඒ පරීක‍්ෂණ සදහා යොමු කිරීමට නියමිතයි.