32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය ෂාෆිගේ හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගැනේ

වෛද්‍ය ෂාෆිගේ හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගැනේ

වඳ සැත්කම් කළේ යැයි අසත්‍ය චෝදනා මත අනිවාර්යය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි වැඩ තහනමට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (23) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

වෛද්‍ය ෂාෆි විසින් ගොනු කළ රිට් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ පිළිබඳව කියා සිටියේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යොමුකර තිබූ ලිපියක් මඟින් අනාවරණය කර තිබුණේ ෂාෆි වැඩ තහනමට ලක්ව සිටි කාල සීමාව තුළ ඔහුට හිමි විය යුතු මූලික වැටුප, දීමනා, ජීවන වියදම් දීමනා සහ අතුරු දීමනා ආදිය ගෙවීමට පියවර ගන්නා බවයි.