― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපි නිධානයක් උඩ ඉඳගෙන හිඟාකන රටක්

අපි නිධානයක් උඩ ඉඳගෙන හිඟාකන රටක්

අද අපේ රට අවිධිමත් ක්‍රියාමාර්ග නිසා නිධානයක් මත සිට ගෙන හිඟාකන රටක් බවට පත්ව ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (24) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජවැලි සමාගමේ නිලධාරින් සමග පරිසර අමාත්‍යවරයා පැවැත්වූ සාකච්ඡාවකදීය.

“සමහර සමාගම් හා පුද්ගලයින් ගවේෂණ බලපත් ලබාගෙන වසර 10ක් පමණ ගත වී තිබෙනවා. නමුත් ඔවුන් විධිමත් හා කාර්යක්ෂම ලෙස ගවේෂණ කටයුතු සිදු කරන්නේ නැහැ. ඒ නිසා රටට ලබා ගත හැකි විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට අහිමි වෙනවා.

අපි දන්නවා පසුගිය දිනවල අපේ රටට ආපු ගෑස් නැවකින් ගෑස් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 08ක් සොයා ගැනීමට රජයට අපහසු වුනා. නමුත් විශාල වටිනා භූ සම්පත් රැසක් තිබිය දී ඒවායින් නිසි ඵල ලබා ගන්නට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටත්, ලංකා ඛනිජවැලි සමාගමටත් හැකි වී නැහැ.

අඩුම තරමින් ඩොලර් මිලියන 08ක් 10ක් වැනි සුළු මුදල් ප්‍රමාණයක්වත් උපයා ගන්නට හැකියාවක් නැත්නම් එහි විශාල ගැටළුවක් තිබෙනවා. වටිනා භූ සම්පත් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගන්නට බැහැ. හේතුව නම් එම භූ සම්පත් පිළිබඳව සොයා බැලීමක් නොකර එම ස්ථානවල මහජනතාව පදිංචි කර ඇති නිසා. දැන් ඒ පදිංචි මිනිස්සු ඒ තැන්වලින් ඉවත් කරන්නත් බැහැ. ඒ වගේම ඒ ස්ථානවල මහපොළව අභ්‍යන්තරයේ ඇති වටිනා භූ සම්පත්වලින් කිසිදු ප්‍රයෝජනයක් ගන්නත් බැහැ.

එමෙන්ම සමහර තැන්වල විශාල ගොඩනැගිලි ඉදි කර තිබෙනවා. පරිසර ඇගයුම් වාර්තා දෙන විට මෙම පොළව අභ්‍යන්තරයේ ඇති වටිනා භූ සම්පත් පිළිබඳවත් අවධානය යොමු කරනවා නම් හොඳයි. අද අපේ රට මෙම අවිධිමත් ක්‍රියාමාර්ග නිසා නිධානයක් මත සිට ගෙන හිඟාකන රටක් බවට පත්ව තිබෙනවා.”