― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුම්රිය ගාස්තු හොරෙන්ම වැඩිකරලද?

දුම්රිය ගාස්තු හොරෙන්ම වැඩිකරලද?

නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.

ඒ අනුව ඇතැම් දුම්රියවල ගාස්තු සියයට 60කින් සහ ඇතැම් ගාස්තු සියයට 50කින් ඉහළ දමා ඇති අතර මෙම ගාස්තු ඉහළ දැමීමට වෘත්තීය සමිතියක් ලෙස විරුද්ධ බව ඔහු සඳහන් කළේය.

රටේ පවතින තත්වය මත මේ මොහොතේ වැඩවර්ජනයකට යෑම සුදුසු නොවන බවත්, සාමාන්‍ය ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ගාස්තුද වැඩි කිරීමේ අවදානමක් පවතින බව ඔහු කියා සිටියේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට අනුව ගාස්තු වැඩිකිරීම මාසයේ මුල් දිනයේ කළද ඉතිහාසයේ පළමු වරට වර්තමාන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ක්‍රමවේදයකින් තොරව ගාස්තු ඉහළ දමා ඇති බවත් ඒ පිළිබඳව ප්‍රවේශපත් නිකුත් කරන දුම්රිය ස්ථානධිපතිවරු දැනුවත් නොකර, ප්‍රවේශපත් වෙන්කිරීම් කරන දුම්රිය ස්ථානවලට පමණක් අද අළුයම 1.00ට දැනුම්දීමක් කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.