― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalකුරහන් සාටකේ එල්ලන් හිටියට කුරහන් ගේන්නෙත් පිටරටින්

කුරහන් සාටකේ එල්ලන් හිටියට කුරහන් ගේන්නෙත් පිටරටින්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කුරහන් සාටකය පැළඳ සිටියත් මෙරට පරිභෝජනයට අවශ්‍ය කුරහන් ගෙන්වන්නෙත් පිටරටින් බව උදය ගම්මන්පිල පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කලේ ඊයේ (23) පිවිතුරු හෙළ උරුමයේ මහරගම ජාතික සභාව අමතමිනි.

ඇපල් ගෙන ආවේ නැතිනම් සංචාරක ව්‍යාපාරය කිරීමට නොහැකි බව බව මුදල් ඇමතිවරයා පැවසීම විහිලුවට කරුණක් බවත් ඕස්ට්‍රේලියාවේ ඉන්න සුද්දෙක් ගුවන් යානයක නැගලා පැය 11ක් ගෙවලා තමන්ගේ වත්තේ නැවුම්ව කන්න පුළුවන් ඇපල් ගෙඩිය වෙනුවට මාස හයක් කුණු කරල තියෙන ලංකාවේ ඇපල් ගෙඩිය කාලා යන්න ශ්‍රී ලංකාවට එනවද” යැයි පැවසීය.

අද මේ රටේ ජනතාව දුක් විඳින්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ වරදින් බවට චෝදනා කරන මන්ත්‍රීවරයා ජනතාව පීඩාවට පත් කර තිබෙන අර්බුදය තමන් බොහෝ කලින් දුටු බවත් එහිදී පෙන්වා දුන්නේය.

2020 ඔක්තෝබර් 20 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා කිරීමට තම පාර්ශවය (විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර) කතා කළ බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.