25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩොලර් අර්බුදය විසඳා ගන්නා තෙක් වාහන ආනයනය කරන්නෑ

ඩොලර් අර්බුදය විසඳා ගන්නා තෙක් වාහන ආනයනය කරන්නෑ

ඩොලර් අර්බුදය විසඳා ගැනීමෙන් පසු වාහන සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වාහන ආනයනය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ලැබී ඇතත් මේ වන විට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බැවින් වාහන ආනයනය කිරීමට රජය මෙතෙක් අවසර දී නොමැති බව ඔහු එහිදී ප්‍රකාශ කලේය.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තීරු බදු ඩොලර්වලින්ද ගෙවා වාහන ආපසු සිය රටට යැවීමට අවසර දීම සම්බන්ධයෙන් තමන් මීට පෙර කළ යෝජනාව සලකා බැලිය හැකි දැයි දොලවත්ත මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. මෙය ඉහළ යන වාහන මිල අඩු කර ගැනීමට සහ ඩොලර්වලින් තීරු බදු ගෙවන බැවින් රජයට ඩොලර් ලබා දීමට උපකාරී වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.