― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුම්රිය ගාස්තු වැඩි කිරීම ඇමති අණින් අත්හිටුවේ

දුම්රිය ගාස්තු වැඩි කිරීම ඇමති අණින් අත්හිටුවේ

අද (24) පස්වරුවේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳ නව ගාස්තු ඇතුළත් ලිපිය තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

පවතින තත්ත්වය හමුවේ ඇතැම් නගරාන්තර දුම්රිය සේවාවල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි වුවත් තවමත් එම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නැති බව අමාත්‍යවරයා කියා සිටියේය.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරින් සමග ගාස්තු වැඩිවීම පිළිබඳ වන සාකච්ඡාව අද පස්වරුවේ සිදු කිරීමට නියමිත අතර කිසියම් අයුරකින් මාධ්‍ය වෙත තවමත් එකඟ නොවූ ගාස්තු වැඩි කිරීමේ ලිපිය මුදා හැර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් නව ගාස්තු සම්බන්ධයෙන් අද (24) රාත්‍රියේදී පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එළඹෙන සඳුදා දිනයේ සිට යම් කිසි අයුරකින් නගරාන්තර දුම්රිය සේවාවල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අද දහවල් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ කොළඹ සිට උඩරට දුම්රිය සහ උතුරු දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රවේශ පත්‍ර මිල සංශෝධනය වී ඇති බවයි. ඒ අනුව කොළඹ සිට උඩරට දුම්රිය ගාස්තුහි පළමු මැදිරිය රුපියල් 1000ක්ද දෙවැනි මැදිරිය රුපියල් 500ක් සහ තුන්වැනි මැදිරිය රුපියල් 300ක්ද වන බව නිවේදනය කෙරිණි.

අමාත්‍ය දිලුම් අමුණුගම විසින් මෙලෙස අත්හිටුවා ඇත්තේ එම මිල වැඩි කිරීමේ නිවේදනයයි.