― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදුරකථන ගාස්තුත් ඉහළ යයිද?

දුරකථන ගාස්තුත් ඉහළ යයිද?

දේශීය දුරකථන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව එම සේවා සපයන සමාගම් විසින් තාක්ෂණ අමාත්‍යංශයට දැනුම්දී තිබේ.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් ඒ හා සම්බන්ධ සේවාද ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

දැනටමත් ජාත්‍යන්තර දුරකථන ගාස්තු මිල ඉහළ නංවා ඇති අතර ඉදිරියේදී සැලකිය යුතු ප‍්‍රතිශතයකින් දේශීය ඇමතුම් ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට ඔවුන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.