29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනවසීලන්ත තානාපති - විපක්ෂ නායක අතර හමුවක්

නවසීලන්ත තානාපති – විපක්ෂ නායක අතර හමුවක්

නවසීලන්ත තානාපති මයිකල් එඩ්වඩ් ඇපල්ටන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් ඊයේ (23) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස එහිදී විපක්ෂ නායකවරයා නවසීලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී නවීන සහ නූතන විපක්ෂයක් ලෙස සමගි ජනබලවේගය කටයුතු කරන බව පැවසීය.

‘සක්වල’ සහ ‘සමගි ජනබලවේගයෙන් හුස්මක්’ වැනි වැඩසටහන් ඊට සාක්ෂි සපයන බවත් සජිත් ප්‍රේමදාස එහිදී ප්‍රකාශ කළේය. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය පිළිබඳවද නවසීලන්ත තානාපතිවරයා අවධානය යොමු කරනු ලැබීය.

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්නා අතිශය සමීප අන්‍යෝන්‍ය සුහදතාවය පිළිබඳවත් විපක්ෂ නායකවරයා එහිදී අදහස් දැක්වීය.