― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනැවත රාජපක්ෂවරයෙක් ගේන්න අපි ඩීල් දැම්මේ නෑ

නැවත රාජපක්ෂවරයෙක් ගේන්න අපි ඩීල් දැම්මේ නෑ

තමන් හෝ උදය ගම්මන්පිල ඇමතිවරයා කිසිදු අයුරකින් නැවතත් රාජපක්ෂවරයෙකු මේ රටේ නායකත්වයට ගෙන ඒමට ඩීල් දමා නැති බව විමල් වීරවංශ පවසයි.

ඊයේ (23) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා පාවිච්චි කරන්න හදනවාද ? රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැත්තෙන් පාවිච්චි වෙනවාද නැද්ද කියන එක මෙතන වැදගත් නැහැ. කොහොම නුමුත් මේ සර්ව පාක්ෂික සමුළුවෙත් මුදල් ඇමතිවරයාගේ හැසිරීමෙන් පෙන්නුවා. දැන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා, සමගි වෙලා වැඩ කරන්න. හිටපු අගමැති කෙනෙකුට ඔයා කියලා ආමන්ත්‍රණය කරන්න තරම් උද්ධච්ජ මිනිහෙක් කියලා මුදල් ඇමතිවරයා ඒකෙත් පෙන්නුවා. ඒකෙත් ඔහුට ඕන සමගියක් නෙමෙයි. එතැනත් ඕන ගැටුම. මෙහෙම උද්දච්ජ අවලස්සන ඇමෙරිකානුවෙක් තියාගෙන මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරනවා ඔය උද්ද්ච්ජ පාලනය අවසන් කරන්න.”