32.2 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනේටෝ රාජ්‍ය නායක සමුළුව අද බෙල්ජියමේදී

නේටෝ රාජ්‍ය නායක සමුළුව අද බෙල්ජියමේදී

නේටෝ රටවල රාජ්‍ය නායක සමුළුව බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී අද (24) ආරම්භ වෙයි.

ඊට සහභාගී වීම සඳහා අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ද මේ වනවිට බෙල්ජියමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගම් සමුලුවට සහ ජී7 රටවල රාජ්‍ය නායක සමුළුවටද ඔහු සහභාගී වීමට නියමිතය.

මෙම සියලු සාකච්ඡාවලදී යුක්රේන – රුසියා යුධ ගැටුම් පිළිබඳව වැඩිම අවධානයක් යොමුවන අතර අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසකට වහාම රටින් පිටවන්නැයි රුසියාව නියෝග කර තිබේ.

අමෙරිකාව විසින් එරට සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් නෙරපා හැරීමට එකට එක කිරීමක් ලෙස මෙම තීරණය ගෙන ඇථ.