සර්ව පාක්ෂික සමුළුව යනු කතා පෙට්ටියක් පමණක් බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ අනෙකුත් සාමාජිකයින් මුදල් මණ්ඩලයට නොපැමිණීම පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම හෑල්ලුවකට ලක්කිරීමක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (24) පාර්ලිමේන්තුවේදීය.
එහිදී ඔහු සඳහන් කළේ සිකුරාදා දින පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මුදල් කාරක සභාවේ සභාපතිවරයා දැනුම්දී තිබියදී එදිනට සහභාගී නොවන බවට මහ බැංකු අධිපතිවරයා ෆැක්ස් පණිවිඩයක් එවා ඇති බවයි.
මෙරට ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජය මූල්‍යය පිළිබඳව සම්පූර්ණයෙන් පාලනය වන්නේ පාර්ලිමේන්තුවට වන අතර ඒ අනුව එම බලය නොසලකා මුදල් කාරක සභාවට නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිස නොපැමිණීම පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ‘හෑල්ලුවකට ලක්කිරීමක්’ බවයි.
“මුදල් කාරක සභාවට නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිස නොපැමිණීමෙන් මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම හෑල්ලුවට ලක්කරලා තියෙනවා. එහෙම කරන්න කාටවත් අයිතියක් නෑ. මොන කෙහෙල්මලකටද මේ පාර්ලිමේන්තුව? අපිට මේක වෙන්න ඉඩ තියන්න බෑ.
මුදල් ඇමතිවරයා එන්නේ නෑ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑ. මාස 3ක් ඇවිල්ලා නෑ. මහ බැංකුවේ අධිපතිවරයා එන්නෙත් නෑ. එහෙනම් කාටද මේවා කියන්නේ? ඒවට උත්තර දෙන්න එන්නේ නැත්නම් අපි කොහෙන්ද මේවා අහන්නේ? කාටද මේවා කියන්නේ? පාර්ලිමේන්තුව මේ විදියට හෑල්ලු කරන්න පුළුවන්ද? … අපිට පක්ෂ විපක්ෂ බේදයක් නෑ. අද අපි මෙතන ඉන්න පුළුවන්. හෙට ඔබලා ඉන්න පුළුවන්. නමුත් ව්‍යවස්ථායකයට යම් කිසි බලයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තියෙනවා. මේ විදියට පාර්ලිමේන්තුව හෑල්ලු කරනවා නම් මේ ප්‍රශ්නෙට විසඳුමක් නෑ. කොන්දක් තියෙන්න ඕනෑ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මම ඔබතුමාට නැවතත් මතක් කරනවා වහා ම මේ පිළිබඳව හොයලා බලලා වහාම තීරණයක් ගන්න වහා ම ඔවුන්ව කැඳවන්න.”