28.9 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩුමිල වැඩියි කියලා අපි පිළිගන්නවා - මහින්දානන්ද අලුත්ගමගේ

බඩුමිල වැඩියි කියලා අපි පිළිගන්නවා – මහින්දානන්ද අලුත්ගමගේ

බඩු මිල දරාගත නොහැකි බව ආණ්ඩුව පිළිගන්නා බවත් කෙසේ වෙතත් ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් නොමැති බව තමා වගකීමෙන් පවසන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ඒ අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“විපක්ෂනායකතුමාලා කැමතියි මේ අර්බුද සියල්ල මේ රටේ ඇතිවෙනවා නම්. අපි පිළිගන්නවා බඩුමිල වැඩියි. මිනිස්සුන්ට අමාරුයි කියලා අපි පිළිගන්නවා. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නෑ. මම කෘෂිකර්ම ඇමතිවරයා ලෙස වගකීමෙන් කියනවා ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් ඇති කර ගන්න ඕනි නෑ. අපිට අවශ්‍ය ප්‍රමාණයට වී තිබෙනවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට එළවලු තිබෙනවා. ඒ නිසා ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ කිසිදු ගැටලුවක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් නෑ.”