28.9 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාරයේදී මංගල සීනු හැඬවූ ජූලියන් අසාන්ජ්

බන්ධනාගාරයේදී මංගල සීනු හැඬවූ ජූලියන් අසාන්ජ්

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් විවාහ වී තිබේ. 50 වියේ පසුවන අසාන්ජ් විවාහ වූයේ වසර 2015 සිට ඔහුගේ සහකාරිය වන ස්ටෙලා මොරිස් සමගයි.

38 හැවිරිදි මොරිස් නීතිඥවරියෙකි. ඔවුන්ට විවාහ වීමට පසුගිය වසරේදී අවසර ලැබුණු අතර අසාන්ජ් 2019 සිට රඳවා සිටින ලන්ඩනයේ බෙල්මාෂ් බන්ධනාගාරයේදී ඔවුන් විවාහ වී ඇත.

විවාහයට ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා මෙන්ම අසාන්ජ් ගේ පියා හා සොයුරන් දෙදෙනා ඇතුළු සහභාගී වීමට අවසර දී තිබුණි.

ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසමින් ඔවුන්ට මංගල ඡායාරූප ගැනීමට අවසර ලබාදී තිබුණේ නැත. කෙසේවෙතත් අසාන්ජ්ව නිදහස් කරන මෙන් ඉල්ලමින් හා ඔවුන්ට සුභපතමින් පිරිසක් එම ස්ථානයට පිටතින් රැස්ව තිබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇෆ්ගන් හා ඉරාක යුද්ධ සම්බන්ධ රහස් ලියවිලි දහස් ගණනක් පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට අසාන්ජ් ව අවශ්‍ය වී ඇති අතර, තමාව පිටුවහල් කිරීමට එරෙහිව අසාන්ජ් විසින් ගොනු කර තිබූ අලුත්ම අභියාචනය විභාග කිරීමට බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.