26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි - ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නිවේදනය නිකුත් කිරීමට ප්‍රධාන හේතුව වී තිබුනේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකරනු ලැබූ ප්‍රකාශයක් හේතුවෙන් බවයි පෙනී යයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ,

“මහජනතාවට සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ට, බැංකු පද්ධතිය ස්ථාවර බවට මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දීමට කැමැත්තෙමි. වෙනත් ආකාරයකින් කරන ලද ප්‍රකාශයන්ට පටහැනිව රාජ්‍ය බැංකුවල කටයුතු සුමටව සිදු කරන බවට සහතික කිරීමට බලාපොරොත්තු වේ” යනුවෙනි.