― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋසස් පෙළ දරුවන්ට විශේෂ නිවේදනයක්

උසස් පෙළ දරුවන්ට විශේෂ නිවේදනයක්

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ ලබන මාර්තු 29 වැනිදා සිට අප්‍රේල් 08 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන සඳහන් කළේ දේශීය හා භාරත නර්තන, පෙරදිග, කර්ණාටක සහ බටහිර යන සංගීත විෂයන් සඳහා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.

දිවයින පුරා පිහිටුවා ඇති ප්‍රායෝගික පරික්ෂණ මධ්‍යස්ථානවලදී එම පරීක්ෂණ පැවැත්වෙන අතර ඒ සඳහා පෙනී සිටීමට අවශ්‍ය ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් මගින් යොමු කර ඇති බව විභාග කොමසාරිස්වරයා පවසයි.

යම් අපේක්ෂයෙකුට ප්‍රවේශපත්‍ර ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එය ලබාගත හැකි බවත් ඔහු අවධාරණය කරයි. තවද අපේක්ෂයෙකුට යම් ගැටලුවක් වෙතොත් 011 2 78 42 08 හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී.

ප්‍රායෝගික පරික්ෂණවලට පෙනී සිටීමට සූදානමින් සිටින සිසුන්ට කොරෝනා වැළඳී ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු අතර එවැනි සිසුන්ට ඒ සඳහා වෙනත් දිනයක් ලබාදීමේ හැකියාව පවතින බව විභාග කොමසාරිස්වරයා පැවසීය.