― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනිව්යෝර්ක්වලත් ගෑස් නැත්නම් අපි ගැන හිතාගන්න පුළුවන් නේ

නිව්යෝර්ක්වලත් ගෑස් නැත්නම් අපි ගැන හිතාගන්න පුළුවන් නේ

ගෑස් හා ඉන්ධන හිඟය ශ්‍රී ලංකාවට පමණක් සිදු වූ ගැටලුවක් නොවන බවත් එය සමස්ත ලෝකයටම බලපා ඇති අර්බුදයක් බව්ඣත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඇමරිකාවේ නිව්යෝක් නගරයේද දැඩි ගෑස් හිඟයක් තිබූ බව බීබීසීය ඊයේ (24) වාර්තා කර තිබූ බවත් සමස්ත ලෝකයම මුහුණ දෙන අර්බුදයකට බොරතෙල් නිපදවන රටක් නොවන ශ්‍රී ලංකාව විසඳුම් සොයන්නේ කෙසේදැයි අමාත්‍යවරයා එහිදී විමසීය.

මීට පෙර විවිධ අවස්ථාවලදී ගෑස්, ඉන්ධන හිඟ වූ නමුත් ඒ කිසිදු අවස්ථාවක ජනතාවට කලබලයට පත් නොවූ බවත් මෙවර ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ඇමතිවරුන් පවා විවිධ ප්‍රකාශ නිකුත් කිරීම නිසා ජනතාව දැඩි කලබලයට පත් වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ජනතාව ඉන් කලබල වී අනවශ්‍ය පරිදි ඉන්ධන තොග රැස්කර තබා ගැනීම ඉන්ධන හිඟයට බරපතල හේතුවක් බව ඔහු අවධාරණය කරයි. බැරල්, බූලිවලට පමණක් නොව ඇතැම් පුද්ගලයන් ජල බවුසර්වලට පවා ඉන්ධන පුරවා ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා එම හමුවේදී ප්‍රකාශ කළේය.