31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබැසිල්ගේ නඩුවකට මින් ඉදිරියට සාක්ෂි විමසීමක් නෑ

බැසිල්ගේ නඩුවකට මින් ඉදිරියට සාක්ෂි විමසීමක් නෑ

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් තනා රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුවේ මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ශනිල් කුලරත්න අද (25) ගම්පහ මහාධිකරණය වෙත දැනුම් දුන්නේය.

පළමු සාක්ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර නොමැති බවත් ලබාදී ඇති ප්‍රකාශයේ අත්සන පිළිගත නොහැකි බවත් සාක්ෂි දෙමින් පවසා සිටින බැවින් එම තීරණය ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

ඉදිරියේදී මෙම නඩුවට අදාළව සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බවත් පැමිණිල්ලේ නඩුව අවසන් කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මහාධිකරණය හමුවේ සඳහන් කළේය.

ඉන් අනතුරුව මහාධිකරණය හමුවේ පෙනීසිටි සාක්ෂිකරුවන් මහාධිකරණය මගින් මුදා හැරි අතර පැමිණිල්ල විසින් නඩුව අවසන් කර ඇති හෙයින් තම සේවාදායකයින් චෝදනාවලින් නිදහස් කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥයන් ඉල්ලා සිටියේය.