බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලබන මස ඇමරිකා එක්සත් ජනපදයේදී ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි.
ව්‍යාපෘති යෝජනා කිහිපයක්ම මේ වනවිටත් ඉදිරිපත් කර ඇති අතර මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක පමණ මූල්‍ය සහය අපේක්ෂා කෙරේ.
මෙරට ග්‍රාමීය සංවර්ධනය, පුනර්ජනනීය බලශක්ති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් ලෝක බැංකුවේ සහය අපේක්ෂා කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.