― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසතොසෙන් ගත හැකි භාණ්ඩ සීමා කරයි

සතොසෙන් ගත හැකි භාණ්ඩ සීමා කරයි

සතොස අලෙවිසැල් හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග රැසක් සඳහා සීමා පනවා තිබේ.

ඒ සම්බන්ධයෙන් සතොස ශාඛා කළමනාකරුවන්ට උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති අතර අදාල චක්‍රලේඛය අනුව එක් පාරිභෝගිකයෙකුට අලෙවි කළ හැකි සහල් උපරිම ප්‍රමාණය කිලෝග්‍රෑම් 05 කි. ආනයනික නාඩු රුපියල් 100 කටත් ආනයනික පොන්නි සම්බා රුපියල් 130 කටත් සතොස අලෙවිසැල් හරහා මිලදී ගත හැකිය.

මීට අමතරව එක් පාරිභෝගිකයකෙුට සීනි කිලෝග්‍රෑම් 01 ක් හා පරිප්පු ග්‍රෑම් 500 ක් මිලදී ගත හැකිය. සීනි කිලෝග්‍රෑම් 01 ක මිල රුපියල් 160 ක් වේ. කෙසේ නමුත් පාරිභෝගිකයන් පවසන්නේ ඇතැම් අලෙවිසැල්වල එම ප්‍රමාණය හෝ මිලදී ගැනීමට නොමැති බවයි. තිරිඟු පිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සතොස අලෙවිසැල්වල නොමැති බවට පාරිභෝගිකයන් මැසිවිලි නඟයි.