30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසිරිසේන ගෝඨාභයගේ ක්‍රියාව අගයයි

සිරිසේන ගෝඨාභයගේ ක්‍රියාව අගයයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට ජනපති ගත් තීරණය අගය කරමින් සිය මුහුණුපොතේ සටහනක් පළ කර තිබේ.

තමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට ගෙන ආ එම යෝජනාව වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා කළ යෝජනාවක් බව එයින් හිටපු ජනාදිපතිවරයා හඳුන්වා දී තිබේ.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සන්ධානගත පක්ෂ 11 කණ්ඩායමේ ප්‍රබල නායකයින් මෙම සමුළුව වර්ජනය කළ අතර ඔවුන් වෙනුවෙන් සංකේතාත්මක නියෝජනයක් ලෙස නියෝජිතයින් දෙදෙනෙකු පමණක් එම සමුළුවට එවා තිබිණි.

රට තුළ පැන නැගී තිබෙන බරපතළ ආර්ථික හා සමාජ ප්‍රශ්නය අර්බුදයක් වුවත් එය අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම කිසිසේත් සුදුසු නොවන බව සිරිසේන මහතා සිය ෆේස්බුක් සටහනෙන් දක්වා ඇත.