26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසති අන්තයේ කරන්ට් කැපෙන හැටි මෙන්න

සති අන්තයේ කරන්ට් කැපෙන හැටි මෙන්න

සති අන්තයේත් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබේ.

ඒ අනුව අද (26) දිනයේදී P,Q,R,S,T,U,V,W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශ සඳහා උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3කුත් සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි විනාඩි 40ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට අද (26) උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3 යි විනාඩි 20 ක් සහ සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී තිබේ.

හෙට (27) දිනයේදී P,Q,R,S,T,U,V,W දක්වා ප්‍රදේශවලට සවස 3.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය දෙකකුත් A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා ප්‍රදේශවලට උදෑසන 8.30 සිට 5.30 දක්වා පැය දෙකයි විනාඩි 15කුත්, සවස 5.30 සිට රාත්‍රි 10.30 දක්වා පැයයි විනාඩි 15 කුත් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.