රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ කිසිදු සූදානමක් නැති බවත් අගමැති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා මේ වන විට එම තනතුර දරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි.
අගමැති ධූරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළ වන වාර්තා පිළිබඳව අද (28) පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අදහස් පළ කළේය.
මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලබා දීමට තරම් මොලේ අමාරුවක් සිය පක්ෂයේ කිසිවෙකුට ඇතැයි තමන් නොසිතන බවයි.