29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅදූරදර්ශී දේශපාලන තේරීම් නිසා අද රට බරපතළ අර්බුදයකට වැටිලා

අදූරදර්ශී දේශපාලන තේරීම් නිසා අද රට බරපතළ අර්බුදයකට වැටිලා

අදූරදර්ශී දේශපාලන තේරීම් නිසා අද රට බරපතළ සදාචාරාත්මක, ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට වැටී ඇති බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) ක්‍රිස්තුදේව ගැලවුම්කාර දෙව්මැදුරේ පැවැති ඒකාබද්ධ ඇංග්ලිකානු හා කතෝලික දේව මෙහෙයකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළේය.

“අපට ජාතික පරිවර්තනයක් සහ නව ආරම්භයක් අවශ්‍යයි. අපට නිදහස ලැබී වසර 74ක් සපිරෙනවා. ශ්‍රී ලාංකිකයන් සෞභාග්‍යය කරා යන මාවත නිවැරදිද යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුයි. අද රට තිබෙන්නේ බලාපොරොත්තු විරහිත තත්ත්වයක එය දේශපාලඥයින් පමණක් නොව අප විසින් අපේ ඉරණම බාර දුන් දේශපාලන හා සංස්කෘතික බලවේග විසින් තමන්වම භාවිතා කිරීමට ඉඩ දී ඇති පුරවැසියන් විසින් කරන ලද වැරදි තේරීම් මාලාවක ප්‍රතිඵලයකි.

පුරා වසර 74ක කාලය තුළ ආසියාවේ සංවර්ධිත ජාතීන් ඉදිරියට යන විට අඩු වාසනාවන්ත අපේ රට හොඳ සිට නරකට යන ප්‍රතිගාමී ගමනකට ලිස්සා ගියා. පශ්චාත් නිදහස් යුගයේ දේශපාලන තේරීම් නිසා අද රට බරපතළ සදාචාරාත්මක, ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයක පවතිනවා. අද මේ වැරදි සහ අදූරදර්ශීභාවය නිසා අපේ ආර්ථිකය කඩාවැටිලා, භාෂා ආගම් භේද මත ජාතීන් දෙකඩ වෙලා එකිනෙකා ගැන සැකයෙන් ඉන්නවා. අපි අපව හරවාගෙන නව ආරම්භයක් ලබා දෙන ලෙස අපි යාච්ඤා කරමු.”