27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආයුර්වේද සභාවට කෝටි දෙකක පාඩුවක්

ආයුර්වේද සභාවට කෝටි දෙකක පාඩුවක්

ආයුර්වේද වෛද්‍ය සභාවට රුපියල් කෝටි දෙකකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් පහළොස් දහස් නවසිය අසූහය දෙනකු සිය ලියාපදිංචිය අලුත් කර නොගැනීම නිසා මෙම පාඩුව සිදුව ඇත. ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සියලුම වෛද්‍යවරුන් වර්ෂ පහකට වරක් ලියාපදිංචිය යාවත්කාලීන කළයුතු වුවත් ලියාපදිංචිය යාවත්කාලීන කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව විධිමත් ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කර නැති බව එම කාර්යාලය අවධාරණය කරයි.

මේ අතර ආයුර්වේද වෛද්‍ය සභාව 2018 සහ20 19 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.