― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආර්ථික විශේෂඥයන්ගේ සහය පතනවා වෙනුවට ජනාධිපති ගියේ ඥානක්කගේ පස්සෙන්

ආර්ථික විශේෂඥයන්ගේ සහය පතනවා වෙනුවට ජනාධිපති ගියේ ඥානක්කගේ පස්සෙන්

රටේ වත්මන් අර්බුදවලට වගකිවයුත්තේ “ඥානක්කා” බවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට ආර්ථික විශේෂඥයන්ගේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පරිනත දේශපාලනඥයන්ගේ සහාය ලබා ගැනීම වෙනුවට ජනාධිපතිවරයා කළේ අනුරාධපුරයේ ඥානක්කාගේ සහාය ලබා ගැනීම බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මාර්තු මාසයේදී මුහුණ දීමට සිදුවන බැරෑරුම් තත්ත්වය පිළිබඳව 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

ඇතිවිය හැකි ආහාර අර්බුදය ගැන මෙන්ම අර්බුදයෙන් ගොඩ යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කල් වේලා ඇතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබා ගැනීම පිළිබඳවත් ඒ තුළින් ජනතාව පීඩනයට පත් වීම වළක්වා ගැනීම පිළිබඳවත් එජාප නායකයා කරුණු කීවත් ආණ්ඩුව ඒ ගැන තැකීමක් නොකළ බවටද රංගෙ බණ්ඩාර මැසිවිලි නැගීය.