26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයි

ඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.

අද කොළඹදී ඇරඹෙන පස්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ සිටින අතර ජයිශංකර් මහතාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිවරයා ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබා දීම පිළිබඳ ස්තූතිය පළ කළේය.

මේ වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක් සංවිධාන කර ඇත.