25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් නෑ කියන්නේ බොරුවක්

ගෑස් නෑ කියන්නේ බොරුවක්

ගෑස් හිඟය හේතුවෙන් රෝහල් කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවට ඇතැම් වෘත්තීය සමිති විසින් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

රෝහල් පද්ධතිය වෙත ප්‍රමුඛත්වය ලබාදී අඛණ්ඩව ගෑස් බෙදාහැරීම සිදුකරන බවට රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු බලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවේදි අනාවරණය වූ බව ඔහු ප්‍රකාශ කළේය.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මේ බව සඳහන් කළේය.

“මුළු ලංකාවේම ඉන්න ආයතන ප්‍රධානීන් ඒ වගේම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂවරු එක්ක අපි කතා කරා. ඔවුන් ට ඒ ගෑස් ගෙන්වන අය රෝහලට ප්‍රමුඛත්වය ලබාදීලා මේ වෙනකල් නම් ගෑස් ලබාදීලා තියෙනවා.

ඒ නිසා ඒ රෝහල්වලට එහෙම දැඩි අර්බුදයක් ආවේ නෑ. සමහර වෙලාවට පොඩි ගෑස් හිඟයක් එන්න තිබුණ තැන් තියෙන්න ඇති නමුත් අපි සාකච්ඡා කරපු වෙලාවේ දී ඒ සියලුදෙනාම කිව්වේ එහෙම ගෑස් හිඟයක් බලපෑවේ නෑ. ඒ නිසා රෝගීන්ට උයලා දෙන එක ගැන ප්‍රශ්නයක් මේ වෙනතෙක් ඇති වෙලා නෑ.”