25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනය නැවත ලොක්ඩවුන් කරයි

චීනය නැවත ලොක්ඩවුන් කරයි

කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙක් වාර්තා වීමත් සමඟ චීනයේ ප්‍රධාන වාණිජ නගරය වන ෂැංහයි නගරය අදියර 02ක් යටතේ ලොක්ඩවුන් කිරීම මේ වනවිට ආරම්භ වී තිබේ.

අද (28) සිට අප්‍රේල් 01 වැනිදා දක්වා ෂැංහයි නගරයේ නැගෙනහිර කොටස්ද, අප්‍රේල් 01 වැනිදා සිට 05 වැනිදා දක්වා බටහිර කොටස්ද මෙලෙස ලොක්ඩවුන් කිරීමට නියමිතය.

මේ අනුව මිලියන 25කට ආසන්න පිරිසක් වාසය කරන ෂැංහයි නගරයේ සැලකිය යුතු පිරිසක් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමටද පියවර ගෙන තිබේ. මේ යටතේ සියලු පොදු ප්‍රවාහන සේවා අත්හිටුවෙන අතර කම්හල් සහ කාර්යාලවල මෙහෙයුම් කටයුතුද නතර කළ යුතු බව චීන මාධ්‍ය පවසයි.

කොවිඩ් වසංගතයේ ආරම්භයත් සමඟ චීනය විසින් සිදුකරන විශාලතම ලොක්ඩවුන් කිරීම මෙය බවට විචාරකයන් පෙන්වා දෙයි.