28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවදුරටත් ලංකාවේ ආර්ථිකයට සහය දෙනවා - ඉන්දීය විදේශ ඇමති

තවදුරටත් ලංකාවේ ආර්ථිකයට සහය දෙනවා – ඉන්දීය විදේශ ඇමති

අසල්වැසියන්ට ප්‍රමුඛතාව ලබාදීමේ ඉන්දීය ප්‍රතිපත්තිය යටතේ තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය පළකරන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් අද (28) පැවති අතර එහිදී විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

කොළඹදී පැවති එම හමුවෙන් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි.

ඔහු අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමුවීමට නියමිතය.