29 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන්ට ඇතිවන රෝග ලක්ෂණ ගැන ගැන බියවෙන්න එපා

දරුවන්ට ඇතිවන රෝග ලක්ෂණ ගැන ගැන බියවෙන්න එපා

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට ඇගපත වේදනාව, හිසරදය, මහන්සිය වැනි ලක්ෂණ වැඩි වශයෙන් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ඒ පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු අතර විජලනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බව හෙතෙම අවධාරණය කළේය.

උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයට ලක්වීමේ හැකියාව පවතින බැවින් මෙම තත්වය මඟහරවා ගැනීමට වැඩි වතුර ප්‍රමාණයක් පානය කරන ලෙසත් දිනකට දෙවරක් ස්නානය කරන ලෙසත් වෛද්‍යවරයා ඉල්ලීමක් කළේය.

සෑම වසරකම මාර්තු අග සහ අප්‍රේල් මුල් කාලයේ හිරු මුදුන් වීම හේතුවෙන් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32ත් 33ත් දක්වා වැඩි විය හැකියි. අද (28) වැඩිම උෂ්ණත්වය යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එය සෙල්සියස් අංශක 33යි දශම 8ක් ලෙස දැක්විණි.