25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ගාස්තු වැඩිකරන්න දෙන්නෙ නැත්නම් අතිකාල කපන්න වෙනවා

දුම්රිය ගාස්තු වැඩිකරන්න දෙන්නෙ නැත්නම් අතිකාල කපන්න වෙනවා

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වන්නේ නම් අතිකාල දීමනා කප්පාදු කර දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව පියවාගන්නා බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයට පිළෛයමක් ලෙස දින කිහිපයකට ඉහතදී හදිසියේ දුම්රිය ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ නමුත් ප්‍රවාහන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් එය කල් දැමීය.

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය වෘත්තීය සමිති දැඩි විරෝධය පළකරන අතර ඔවුන් පවසන්නේ ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළහොත් ඊට එරෙහිව වර්ජන ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම පැවසුවේ ගාස්තු ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන්නේ නම් දුම්රිය සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමට සිදුවන බවයි.