32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමෙරිකාවේ සහාය

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමෙරිකාවේ සහාය

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.

ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඇය මේ බව සඳහන් කළාය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී රජය දැක්වූ සහාය තානාපතිනියගේ ප්‍රසාදයට ලක් විය.

පසුගිය කාලයේ දී මෙරට ආර්ථිකයේ බිඳ වැටීමට හේතු වූ කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට රජය ගත් තීරණය පැසසීමට ලක් කළ ජූලි චන්ග් මහත්මිය එය මෙරටට දිගුකාලීනව ඉතා වැදගත් බව පෙන්වා දුන්නාය.

කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ ද අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.