― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමිල වැඩි වුණාට ආහාර හිඟයක් නෑ

මිල වැඩි වුණාට ආහාර හිඟයක් නෑ

පවතින ඩොලර් අර්බුදය නිසා යම් යම් ආහාර ද්‍රව්‍යවල මිල ප්‍රමාණයන් වැඩිවුවත් ආහාර හිගයක් ඇති නොවන බවත් දැනට පවතින දත්ත අනුව උත්සව සමයේදී ආහාර හිඟයක් ගැටලුවක් මතු නොවන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් අජන්ත ද සිල්වා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එළබෙන උත්සව සමයේ රට තුළ ආහාර හිඟයක් ඇති නොවන බව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.

මේ වන විට යල කන්නයේ හා මහ කන්නයේ අස්වනු නෙලා ගනිමින් යන බවත් එහි අස්වැන්නේ සුළු අඩුපාඩුවක් වුවත් පසුගිය කන්නවලදී ලබා ගත් වී ඇති හෙයින් එයින් ලැබෙන සහල් ප්‍රමාණය නිසා උත්සව සමයේ සහල් හිඟයක් ඇති නොවන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මේ වන විට ආනයනය කල සහල්ද මෙරට තුළ ඇති බැවින් සහල් හිඟවීමේ ගැටලුවක් ඇති නොවන බව හෙතෙම අවධාරණය කළේය. මුං, කවුපි හා අනිකුත් අවශ්‍යතා දැනට සපයා ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව දී ඇති දත්ත අනුව වෙළඳ අමාත්‍යාංශය මේ සම්බන්ධව කටයුතු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.