28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍ර මුද්‍රණයත් නවතී

රියදුරු බලපත්‍ර මුද්‍රණයත් නවතී

රට තුළ පවතින ඩොලර් අර්බුදයත් මුද්‍රණ කාඩ්පත් හිඟයත් නිසා රියදුරු බලපත්‍ර මුද්‍රණය තාවකාලිකව අත්හිටවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍යවරයා මෙසේද කීය.

“අපිට කාඩ්පත්වල හිඟයක් පවතිනවා. අපි ඇණවුම් කලත් ඒ ටෙන්ඩර් එක දිනපු අයට ඒ මිලට කාඩ් සපයන්න බැරි ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. අපිට ටෙන්ඩර් පටිපාටියෙන් පිට මිල ගණන් වැඩි කිරීමේ හැකියාවකුත් නැහැ. එතනින් එහාට මේ කාඩ් ගෙන්වීමේදී ඒවාට අපි ඩොලර්වලින් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ සියලු දේ මේ කාරණා සමස්තයක් වශයෙන් බලපාලා තියෙනවා. මේ වන විට ලෝකයෙත් යම් යම් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. මේ සමාගම් වලටත් ඒ මිල ගණන්වලට අපිට කාඩ් සපයන්න බැහැ.

දැනට තාවකාලික නව බලපත්‍රයක් අපි හඳුන්වලා දෙනවා ඩිජිටල් ටෙම්පරි එකක්. ඒක අපි මාස 06ක් ඇතුළත අදාළ ඉල්ලුම්කරුගේ නිවසට යවන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට අපි ඒ අය සමග සාකච්ඡා කරලා අවශ්‍ය ඇනවුම් සිදුකරලා, ඒ දේවල් ලංකාවට එවන්න ඕන කාලය ගැන සාකච්ඡා කරලා තියෙනවා.