29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලන්කන් ගුවන් සමාගම මොස්කව් ගුවන් ගමන් නවතයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මොස්කව් ගුවන් ගමන් නවතයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකරන ගුවන්ගමන් අද (28) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගුවන් සමාගමට පාලනය කළ නොහැකි හේතු නිසා එම තීරණය ගත් බවයි.

දැනට පවතින රුසියානු – යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය සහ ගුවන් යානා රක්ෂණ සීමාවන් පනවා ඇති අතර ශ්‍රී ලනක්න් ගුවන් සේවය රුසියාව වෙත සිදුකරන ගුවන් මෙහෙයුම් සඳහා එම කාරණා සෘජුවම බලපාන බැවින් නැවත දැනුම් දෙන තුරු මොස්කව් වෙත ගුවන් මෙහෙයුම් සිදු නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.

රුසියාවේ තත්ත්වය යහපත් අතට හැරුනු විගස නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.