― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalසංවර්ධන වැඩ පස්සට දාලා දුප්පත් මිනිහට එක වේලක් හෝ කන්න පුළුවන් ක්‍රමයක්...

සංවර්ධන වැඩ පස්සට දාලා දුප්පත් මිනිහට එක වේලක් හෝ කන්න පුළුවන් ක්‍රමයක් හදන්න

මිනිස්සුන්ට කන්න නැතිවුනාම කෑම ටික දෙනවා කිව්වොත් ඕන දෙයක් කරන්න ලෑස්ති බවත් සංවර්ධන වැඩ කෙටි කලකට නතර කර දුප්පත් මිනිසාට දවසකට එක වේලක් හෝ කන්න පුළුවන් ක්‍රමයක් සැදිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (28) ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයන් රාමඤ්ඤ මහා නිකායේ මහනායක පූජ්‍ය මකුලෑවේ විමල මහනායක හිමියන් බැහැදැකීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“නව යටත්විජිතවාදය කියන එකේදී කවදාවත් හමුදාවක් ඇවිල්ලා රට අල්ලගන්නේ නෑ. රටේ ආර්ථිකය හැසිරවීම සහ පාලනය තමන්ට හිතවාදී පිරිසක් අතට පත්වන බවට වගබලාගන්නවා. එතකොට නැවත රට බේරාගැනීමේ නිදහස් අරගලයක් කියලා එකක් අවශ්‍ය වෙන්නේ නෑනේ.

මොකද තමන්ගේ මිනිහා තමන්ට ඕන විදිහට ඒ රට පාලනය කරනවා. ආසියාවේ හරි මැද තමයි ලංකාව තියෙන්නේ. සමහර වෙලාවට අපිට ශාපයක් වෙලා තියෙන්නේ මේ පිහිටීමයි. ඒත් අවශ්‍ය නම් ඒක ආශිර්වාදයක් කරගන්නත් පුළුවන්. ඇමරිකානු යුධ විශේෂඥයෙක් වෙන රොබට් කප්ලාන් කියනවා ‘මේ සියවසේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරය, ඒකේ හරි මැද තියෙන ලංකාව තමයි වැදගත් ම රට !’ කියලා. මේ හැමෝටම ඕනේ ලංකාව තමන්ගේ පාලනයට නතුකරගන්න.

මිනිස්සුන්ට කන්න නැතිවුනාම කෑම ටික දෙනවා කිව්වොත් ඕන දෙයක් කරන්න ලෑස්තිවෙයි. කෑම ප්‍රශ්නෙටත් වඩා ලොකුම ප්‍රශ්නේ තමයි බෙහෙත් ප්‍රශ්නේ. පරිප්පු නැත්නම් මුං ඇට කන්න පුළුවන්. පාන් නැත්නම් අලගෙඩියක් හරි තම්බගෙන කන්න පුළුවන් ඒත් මේ බෙහෙත් නැති ප්‍රශ්නය නිසා හෘදය රෝගීන් සහ පිළිකා රෝගීන් මැරෙන්නට පටන්අරන් තියෙනවා. වෙන සංවර්ධන වැඩ පොඩ්ඩකට පස්සට තියලා දුප්පත් මිනිහට දවසකට එක වේලක් හරි කන්න පුළුවන් වෙන විදිහට වැඩකරන එක තමයි මේ මොහොතේ වැදගත්වන්නේ.”