― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසියලුම දේශපාලන පක්ෂ විගණනයට යටත් කළ යුතුයි

සියලුම දේශපාලන පක්ෂ විගණනයට යටත් කළ යුතුයි

රටේ සිදුවන වංචා සහ දූෂණ අවම කිරීම සඳහා මෙරට සියලුම දේශපාලන පක්ෂ විගණනයට යටත් කළ යුතු බවත් නමුත් ඊට කිසිදු දේශපාලන පක්ෂයක් කැමැත්ත පළ නොකරන බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අද්දස් දැක්වූ විගණකාධිපතිවරයා මේසේද කීය.

“සෑම අවුරුදු 3කට වරක් සියලුම නීති අප්ඩේට් කරන්න ඕන. අද අවුරුදු 200ක් අවුට්ඩේට් වෙච්ච නීති තියෙනවා. හොඳම උදාහරණය පහුගිය දවස්වල ඇඳිරි නීතිය දැම්මා කොරෝනාවලට. 1897 පනතකින් ඇඳිරි නීතිය දාන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා. හැබැයි ඒක දැන් අවුරුද්දක් තිස්සේ කිව්වා අදත් ඒක අප්ඩේට් කරගන්න බැරිවුනා. කෝ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු. අප්ඩේට් නැති නීති නැති රටක් කොහොමටත් ගොඩගන්න බෑ.

1910දී ලංකාව සර්වජන ඡන්ද බලය ලබාදීමට විරුද්ධව මැකලම් ආණ්ඩුකාරවරයා විසින් ඊට හේතු දෙකක් දැක්වූවා. ඒක තමයි ලංකාවේ මිනිස්සුන්ට ඡන්දය භාවිතා කරන්න තරම් දේශපාලන බුද්ධියක් නැහැ. ලංකාවට ඡන්ද අයිතිය ලබාදුන්නොත් අනාගතයේදී මෙරට පාලනය කරනු ඇත්තේ පවුල් කිහිපයක් පමණයි. මම හිතන්නේ මේක අදට ඉතාමත් ගැලපෙනවා. ඊට පස්සේ ලී ක්වාන් යූ කිව්වා. සිංගප්පූරුව අපි හැදුවේ දූෂණයට තිත තියලා. විගණනය තමයි අපේ ප්‍රධානම අවිය වුණේ. එයට එරෙහිවන්නේ කම්බ හොරු. ඔවුන් අපි රටින් පිටුවහල් කළා කියලා. මෙන්න මේකත් අද ඉතාමත්ම වැදගත් වෙනවා අපේ ලංකාවට. විගණනය පෙන්නන්න බැහැ දේශපාලකයින්ට. මෙන්න අපේ රටේ තත්ත්වය.

සිස්ටම් එක කලැප්ස් වෙලා තියෙන්නේ. සිස්ටම් එක කලැප්ස් වෙන්න හේතුවෙන් තමයි මේ සියලුම ප්‍රශ්න පැන නැගෙන්නේ. උදාහරණයක් ලෙස කිව්වොත් අධිකරණයේ දෙන තීන්දුව නිශේධනය කරන්න බලය දෙනවා ජනාධිපතිවරයාට. එතකොට ජනතාව එකතුවෙලා පත්කරන පාර්ලිමේන්තුව විසුරුවාහරින්න ජනාධිපතිවරයාට බලය දෙනවා. ඊළඟට පාර්ලිමේන්තුවට මුදල් බලයදීලා තියෙනවා. පාර්ලිමේන්තුව මුදල් බලය අද අත්හැර තිබෙන්නේ. ඒක බලහක්කාරයෙන් අරගෙන තිබෙන්නේ කැබිනට් එක. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක කැබිනට් එකට මුල්‍ය බලතල කිසිදෙයක් දීලා නැහැ. ඒක තියෙන්නේ පාර්ලිමේන්තුවට.

අද පාර්ලිමේන්තුව නොකරනම දේ තමයි මුදල් බලතල භාවිත කිරීම. මෙන්න මේ දෙවල් අනිවාර්යෙන්ම නැවත නිවැරිදි කරන්න ඕනේ. ඒ නිවැරදි නොකරනතාක් අපි මේ කතාකරන දේවල් බොරු කතා විතරයි. ලංකාව පසුගිය අවුරුදු 80 තිස්සේ දුප්පත්කම නඩත්තු කිරීමේ වැරදි ප්‍රතිපත්තිය තමයි යන්නේ. ටකරමක් දෙන්න, තහඩුවක් දෙන්න, හාල් ටිකක් දෙන්න. කතාකරනවා මිසක් මේකෙන් එළියට එන්නට බැහැ අපේ දේශපාලකයින්ට.

දුප්පත්කම නඩත්තු නොකළොත් දේශපාලකයාට ලබන සැරේ ඡන්ද ලැබෙන්නේ නැහැ. ඒ නිසා දේශපාල පක්ෂවලට ප්‍රතිපත්ති තිබිලා වැඩික් නැහැ. ඒකට ප්‍රතිපත්තියක් සකස් කළොත් විතරයි අපි මේ කතාකරන ප්‍රශ්නයෙන් අපිට ගොඩ එන්න පුළුවන් වෙන්නේ.”