28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIPL වලදී භානුක රාජපක්ෂ ෆිට්නස් පෙන්නයි

IPL වලදී භානුක රාජපක්ෂ ෆිට්නස් පෙන්නයි

ඉන්දීය ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ රොයල් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 5 කින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ජය ගෙන තිබේ.

මුම්බායිහීදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 205ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 206ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසු කළේය. පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 22කදී ලකුණු 43ක් ලබා ගත්තේය.

ඊට හත⁣රේ පහර 2ක් සහ හයේ පහර 4ක් ද ඇතුළත් විය.