27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්?

අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්?

අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු අතිකාල මත සිදුකරන සියලුම සේවා වාරවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසයි.

මේ හේතුවෙන් හෙට (30) දුම්රිය ගමන්වාර වලින් සියයට අනූවක්ම අවලංගු වීමට හෝ ප්‍රමාද වී ධාවනය වීමට හැකි බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ප්‍රකාශ කළේය.

දුම්රිය රියදුරන් පිරිසක් ඉලක්ක කරගනිමින් අසාධාරණ අන්දමින් අතිකාල කප්පාදු කිරීම, එක් එක් සේවා වාර සඳහා දුම්රිය රියදුරන් නිල කිරීම, මාධ්‍ය හා විගණන අංශ මගින් දුම්රිය රියදුරන්ගේ අතිකාල සම්බන්ධයෙන් සිදුකරන ප්‍රචාර සඳහා දුම්රිය කළමනාකාරීත්වය නිවැරදි පැහැදිලි කිරීමක් සිදුනොකිරීම, පොල්ගහවෙල, අලුත්ගම, හලාවත, මාතර යන දුම්රිය ස්ථාන කේන්ද්‍රගතව දුම්රිය රියදුරු කාර්යභාර නිලධාරී කාර්යාල ස්ථාපිත නොකිරීම යන හේතු කාරණා මත මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

මේ වසරේදී දුම්රිය වෘත්තිය සංගම් ආරම්භ කරන ලද වර්ජන හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර ඒ සෑම ක්‍රියාමාර්ගයක් මගින්ම මගීන් දැඩි සේ අසීරුතාවට පත්විය.