සතිපතා පළවන ‘The Week’ ජාත්‍යන්තර සඟරාවේ ලබන අප්‍රේල් 03 වැනිදා නිකුත්වන කලාපයේ කවරයේ කතාව වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකා වත්මන් ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙනි. පිටු 20ක අතිරේකයක් ලෙස පළ කර ඇති මෙම කවරයේ කතාවෙන් ශ්‍රී ලංකා රජය පසුගිය කාලයේ සිදු කළ අදූරදර්ශී ආර්ථික කටයුතු ගැන බරපතල විවේචන සිදු කර තිබේ.
මෙහිදී ආර්ථික විද්‍යාත්මක දත්ත – වගු ප්‍රස්තාර ඇසුරින් විග්‍රහ කර තිබෙන අතර මෙය ශ්‍රී ලංකාව විහින් නිර්මාණය කරගත් අර්බුදයක් බව ඒත්තු ගන්වා ඇත. ජනතාව විඳින පීඩාව ගැන විශේෂ ලිපි දෙකකින් අනාවරණය කර තිබෙන අතර අජිත් නිවාඩ් කබ්රාල් සමග සහ පාඨලී චම්පික සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා දෙකක්, රාජපක්ෂ සමාගමේ බල රෙජිමය, බැසිල් මෝදි හමුවේ සැඟවුණ කතාව, පෝර්ට් සිටියට ඉන්දීය සම්බන්ධය ඇතුළු ලිපි ගණනාවකින් අර්බුදය විග්‍රහ කර තිබේ.
මෙවැනි ජාත්‍යන්තර ප්‍රකාශන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම ලෝකයට ගෙනයන පණිවිඩය එතරම් යහපත් එකක් නොවේ. එමගින් ඉදිරි ආයෝජන අවස්ථා අඩුවීමට මෙන්ම සංචාරක කර්මාන්තය අඩපණවීමට සුවිශේෂ බලපෑම් ඇති කරනු ලබනු ඇත.
(මෙම ලිපි පරිවර්තන ඉදිරියේදී පළ කිරීමට අපි බලාපොරොත්තු වෙමු)




