― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්දීය විදේශ ඇමති - අගමැති අතර හමුවක්

ඉන්දීය විදේශ ඇමති – අගමැති අතර හමුවක්

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (28) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී 2014 වර්ෂයේ උතුරු වසන්තය වැඩසටහනට සමඟාමීව ඉන්දියානු හා ශ්‍රී ලංකා රජයන් අතර අත්සන් කළ ගිවිසුමට අනුව ඉදිකළ යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු විය.

ඉන්දියානු රජය විසින් උතුරු පළාතේ ඉදි කළ මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට පැවරීමට අදාළ ලිපි ‍ලේඛන ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත භාරදීමද එහිදී සිදු විය.

පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවේ එකඟතාවයකට අනුව බෞද්ධාගමේ පුනර්ජීවනය ඇතුළු කරුණු හතක් සඳහා යෙදවීමට ඉන්දියානු රජය විසින් පිරිනමන ලද ඩොලර් මිලියන 15 ක මුදල සඳහා ගිවිසුම් හුවමාරු කර ගැනීමද එහිදී සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන් එම ගිවිසුමට අත්සන් තැබීය. බුද්ධාගමේ ප්‍රවර්ධනය, සංස්කෘතික ප්‍රවර්ධනය, භික්ෂූන් වහන්සේලාගේ දැනුම ප්‍රවර්ධනය, දෙරට අතර වන්දනාකරුවන්ගේ ප්‍රවර්ධනය හා ධාතු ප්‍රදර්ශනය ඇතුළු කරුණු හතකට අදාළව මෙම මුදල ප්‍රදානය කිරීම සිදු කර තිබේ.