31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජොන්ස්ටන් වසන්තගෙන් බිලියනයක වන්දි ඉල්ලයි

ජොන්ස්ටන් වසන්තගෙන් බිලියනයක වන්දි ඉල්ලයි

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හා දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා තිබේ.

මීට හේතුව වී ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ඔහු අසත්‍ය චෝදනා එල්ල කිරීමයි.

දූෂණ විරෝධී හඩ සංවිධානය පෙබරවාරි 20 වැනිදා සංවිධාන කළ මාධ්‍ය හමුවකදී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර 20ක කොටසේ ඉදිකිරීම් ටෙන්ඩරයක් ලබාදීමේදී මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවයි දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කර තිබේ.

එම මූල්‍ය වංචාව මගින් ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 164 ඉක්මවන බව ඔහු එහිදී පවසා ඇති අතර එම මාධ්‍ය සාකච්ජාව සමරසිංහගේ යූ ටියුබ් නාලිකාවේ සහ මුහුණු පොතේ ප්‍රසිද්ධ කොට ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබාදීමට පියවර ගෙන ඇති බවත් එම එන්තරවාසියේ සඳහන් වේ.

එම පදනම් විරහිත හා අසත්‍ය ප්‍රකාශ මගින් සිය කීර්ති නාමයට හානි සිදු වූ බව පවසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කසුන් වීරසේකර අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත ඉල්ලා වසන්ත සමරසිංහට එන්තර වාසියක් නිකුත්කර තිබේ.